එය අද වැනිම මූ අඳුරු දිනයකි. නමුදු මෙතරම් වැස්සක් එදින නොවීය. කඳුකරයට කොහොමත් සුපුරුදු මල් තුහිනයක් පමණක් හාත්පස සිපගනිමින් පැවතිනි.
ඒ මීට ටිකක් නුදුරු කුඩා කඳු ගැටයකි. කොටගල මාර්ගයේ ඉතාම මඳ දුරක් ගොස් දකුණු පසට හැරෙන බොරළු පාරකි. පාර දෙපසම තෘණ වර්ගය. නමක් නොදන්නා ඒ තණ පඳුරු අතරෙන් පඳුරකට එක ගනනේ කහ පැහැ සිව් පෙති මලක් ඉහලට නැඟී තිබිණි. එක යායට වැවී තිබුණු ඒ තණ පඳුරු බලන්නට ප්‍රියය. ස්වභාවධර්මයේ තනුවට අනුව ඉහල කඳුමුදුනේ ෆයිනස් ගස් ගයන ගීතයට තුහිණ මුසු වී මඳ සුලඟ සංගීතය සපයද්දී, තණ පඳුරු මතින් ඉහල නැගි කහ මල් නර්ථනයේ යෙදෙන්නට විය.
සුවඳක් නැති ඒ කහ මලක් මා දකුණතින් කඩා ගත්තා මතකය. සාමාන්‍යයෙන් ඒ බොරළු පාරේ අවිදින අතර මග දකුණු පස පේලියේ මල් කිහිපයක්ම කඳු ගැටය මුදුනේදී මා සතුය. දකුණු පස දිගට කහ මල් කැඩුවෙක් වී නම් ඒ මම වෙමි. වම් පස දිගට වමතින් මල් නෙලන්නී ඇය වීය.
කඳු ගැටය මුදුනට පැමිණි අප, ඒ මත්තෙහි වූ කුඩා ගල්තලාවට බර වෙයි. විනාඩි පැය ඔස්සේ කතාව ඇදී යද්දී, ඇය වරක්ද, මම අනෙක් වරද, එක බැගින් කහ පැහැ මල් සුලඟේ පා කරන්නෙමු. අප ඉදිරියේ මඳ තැන්නද ඉන් ඔබ්බෙහි වූ ප්‍රපාතයද මත්තෙහි වූ සුලගෙන් පමණක් පිරි අහස් අවකාශයේ කහ පැහැ මල් පාවී යන සැටි ඇය ආසාවෙන් බලා සිටියාය. නොදැනුවත්වම ඈගේ හිස මාගේ වම් උරට බර වන්නේ ඒ අතරය.
මේ කුඩා කඳු ගැටය අපට ලොව නරඹන්නට සිනමා හලක් මෙන් විය. කතා කරමින් කල් ගෙවන්නට මල් උයනක සිමෙන්ති බංකුවක් මෙන් විය. සිතට වදදුන් අනේකවිධ ප්‍රශ්ණ විමසමින් තීරණ ගන්නට වට මේසයක් මෙන් විය. මුහුණට මුහුණ හොවා ආලය කරන්නට, හඬන්නට, අපේම තැනක් විය. කතා බහක සුරාන්තය පැමිණිවිට සංතෝශයෙන් දෑත් අල්ලා නොපුහුණු නෑඹුල් නර්ථනයක යෙදෙන්නට රඟ හලක් විය. මෙකී නොයෙක් ආකාරයෙන් ඒ කුඩා කඳු ගැටය අපේ ජීවිත හා බද්ධ වී තිබුණි.
බොහෝ දිනවල බොහෝ වේලා අප දෙදෙන එහි ඔහේ තෙපලමින කල් මරණ්නට ඇත. පුංචි වැස්සටත් තෙමෙන්නට ඇත. අප පසු කරමින් කාලය ගතවී යන්නට ඇත.
නමුත් එදින අප එහි පිය මැන්නේ වෙනදා තරම් සංතෝෂයකින් නොවේ. පටු බොරලු පාර දෙපස සුන්දරත්වය එදින මා දුටු බවක් මට මතක නැත. වෙනදා මල් කිහිපයක්ම නෙලා ගන්නා මම එදින එක මලක් පමණක් නෙලා ගත් බව මතකය. එය මා සුළගේ පා කලේද නැද්ද යන වග මට නිනව්වක් නැත. සමහර විට ඒ අවසන් මල මා ඇයගේ හිස පලන්දන්නට ඇත.
එදින කඳු මුදුනේ කුඩා ගල් තලාවට අපේ බර නොදැනුනි. හිත් තුල බර වැඩි කමට ගල් තලාවට බරක් වෙන්නට අපට නොසිතුනි. වෙනදා මා එහි යන විට රැගෙන යන කඩචෝරු එදින මට මඟ හැරිණි. ඒ ඇයගේ හදිසි කැඳවීම නිසාය. මා වෙනුවට එදින ඇයගේ සංග්‍රහය ලෙස ඈ යෝගට් කෝප්පයක් මා අත තැබුවාය. කඳු මුදුනේ සීතල නිසාම දියවී නොතිබුණු ඒ යෝගට් කෝපපය අපගේ අවසන් භෝජන සංග්‍රහය වූ හැටි මට අදටත් මතකය. යෝගට් කටක්, උගුර හා බඩ වැල් සීතල කරමින් යද්දී ඇය වචනයෙන් වචනය කාරණාව ගෙතුවාය. මගේ ඇස් ඉස්මත්තේ තාත්තා අවසන් හුස්ම හෙලූ දින මට දැණුනු ලෙසම මාගේ හද ගැස්ම එදිනද තත්ත්පර කිහිපයක කෙටි විවේකයක් ගත්තේය.
ඇය මා දෙස එක එල්ලේ බලා සිටින්නට ඇත. නමුත් මගේ ඇස් තණ ගොල්ලේ කිරි කිරි හඬ නඟන කෘමියෙකු සොයා දිව්වේය. රන්වන් පැහැයට හුරු පැහැයෙන් හෙබි ඇයගේ පා වසා සිටි සුදු පැහැ රෙක්සින් පටියට වැහි බිඳක් වැටෙනු මම දුටිමි. එය දැන් ඇය හඬා වැටෙනවා විය යුතුය. සිනාසෙන ඇගේ සුදුවන් දත්වල දිස්නය ට මා කෙතරම් ලොබ බැන්දත්, දැන් ඈගේ කඳුලු පිරි දෙනෙත් දකින්නට මට හිස ඔසවනු නොහැක්කේය. මා ඇගේ අත තදින් අල්ලා ගතිමි. එය වෙනදාට වඩා සීතල බව මට දැනුනි. වෙව්ලන ඒ මෘදු අතැඟිලි අතරින් මාගේ රලු අතැඟිලි ගමන් කලේය. කෙදිනකවත් නොගිලිහෙන ලෙස පෙර දිනක බැඳ ගත් අතැඟිලි එදින මවිසන්ම ලිහිල් කෙරිණ.
කඳු ගැටයම දෙදරවමින් මහ හඬින් අකුණක් පුපුරා ගියේද එවිටමය. අප වෙනුවෙන් අහස් ගඟද හඬා වැටෙන්නට සූදානම්ය. මිලිමීටර වලින් මිණිය හැකි වූ අප අතර තිබූ පරතරය, කෙමෙන් අක්ෂාංශ දේෂාංශ වලින් මිණිය හැකි වන්නේය. නැවත කෙදිනකවත් එය කුඩා මානයකට නෙඑන බව ඈ දැන් මා ඉදිරියේ සාක්ෂාත් කොට හමාරය.
මේ වස්සානයට කාලයයි. හෙට සිට වැහි කිරිල්ලියන් මා හිසට ඉහලින් පියාසර කරනු ඇත. වැහි බිරුමක් ලඟ ලඟ එද්දී, කඳු ගැට්ටට වී වැහි කුරුල්ලන් බෙදා ගෙන, අප අසලටම එන වැහිකුරුල්ලා කාගේදැයි බලා දිනුම් තෝරන තරඟයට දැන් තරඟ කරුවන් නැත. හෙට සිට නිරතරඟයෙන් ජය මටම හිමිවන්නේය. පෙර නම්, දිනන්නාට කුසලානය වන්නේ පරාජය වන්නාගෙන් උණුසුම් හාද්දකි. හෙට සිට ඒ, කුසලානයක් නැති ජයග්‍රහණය මට කුමටද?
එදින මගින්ම, මම ඇයව බසයට නංවා මං පසෙකට වීමී. රතු පැහැ ලංගමයේ කුණු ලේ පැහැ පසුපස අසුනේ වම් කෙලවරේ එදින ඇය පමණක් වූවාය. බිමට වී, බසයේ සිටින ඇගේ දෑස් දෙස මා බලා සිටිනු දුටු කොන්දොස්තරද වෙනදාට වඩා විශාල ඇස් දෙකකින් මා දෙස බලා සිටියේය. මා ද යතැයි ඔහු බලාපොරොත්තු වන්නට ඇත. නමුත් සිදුවූ සහ සිදුවන සියලු දේ ඔහුට පසක් කර දීම අනවශ්‍යදෙයකි. තුහිණය සහ මීදුම නිසාවෙන් ජනේල් වීදුරුවේ පිණි බැඳී ඇත්තේ බොඳ වූ සිහිනයක් දිස්වෙන ලෙසිනි.
දෙතුන් වරක් ගැස්සුනු බස් රථය ඉබි ගමනින් ඉදිරියට ඇදෙන්නට විය. දැන් ඈ පසුපස වීදුරුවෙන් මා දෙස බලා සිටී. එය අපැහැදිලි ඡායාවක් මෙන් විය. ඇය දෑතින්, වීදුරුවේ පිණි බිඳු පිසින්නට විය. ඒ මාගේ පැහැදිලි දසුනක් අපේක්ෂාවෙනි.
ඇගේ මුහුණේ තිබුනේ දුක්මුසු සිනහවක්ද, සිනහමුසු දුකක්ද යන්න හඳුනා ගන්නට තරම් මා හට ශක්තියක්
නොතිබිණ. මා ඇයට අත වැනුවෙමි. නමුදු මා ඊට වැඩි යමක් සමුගැනීම සැමරීම උදෙසා කළ යුතව තිබුණි. අඩුම තරමේ සෙනෙහසින් ඇගේ නලලත සිපගන්නට වත් තිබුණි. මොහොතකට පෙර, කඳුගැටය මුදුනේ ඒ සඳහා මට යහමින් අවකාශ තිබුණි. අවසානවකටදෝ මට අප දෙදෙනා වෙනුවෙන් එය කල නොහැකි විය. සමහර විට ඇයද මගෙන් එවැන්නක් බලාපොරොත්තු වන්නට ඇත. ජනෙල් වීදුරුවෙන් මා දකින්නට ඇත්තේ ඒ බලාපොරාත්තු සුන් ඇගේ මුහුණ විය හැකිය.
එදින බස් රථය කන්ද දිගේ පහලට, තිතක්ව යන තෙක්ම බල සිටි මම, පයින්ම මාර්ගය ඉහලට අදුනෙමි. වැහි
බිරුමත් සමග වැහි දිය කඳුකරයම වෙලා ගත්දීත්, වැහි පහස විඳිමින් ම පැමිණි මා, නතර වුනේ මෙතැනමය. ඒ මේ බස් නැවතුමම විය. අද එදිනට වඩා වර්ෂාව ද වැඩිය. සිත තුල පොරකන පාළුවද වැඩිය. අඳුරද වැඩිය. තනිකමද වැඩිය. කොතෙක් මතකයන් ආවර්ජනය කලත් තවමත් විනාඩි දහයක්වත් ගතවී නැත. තව බොහෝ වේලාවකට බස් රථයක් නොපැමිණෙනු ඇත.
ෆයිනස් ගස්වලට ඉහලින් මම අහස දෙස බැලුවෙමි. බිමට වැටෙන එක වැහි බිඳුවක් ඔස්සේ ඇස ගෙනයන්නට උත්සහ කලෙමි. ලං වන විට වේගය වැඩිවන වැහි බිඳුව ප්‍රමාණයෙන්ද විශාල වන සෙයක් මට දැණිනි. මම ෆයිනස් උඩු වියන අතුරෙන් අඳුරු අහස් පැල්ලම් දෙසම බලා සිටියෙමි.
සැනෙකින් මට නුහුරු හැඟීමක් ඇතිවිය. බලාපොරොත්තු නොවූ සිහින් තිගැස්මකුත් සමඟ ඇතිවූ ඒ හැඟිමෙන් මා මඳක් අසරණ විය. කවුරුන් හෝ මා දෙස බලා සිටිනවා වැනි සෙයක් මට හැඟුණි. හිස පහත් කර බිම බලන්නටද මම බිය වීමි. ආසාවෙන් බලා සිටි ෆයිනස් තුරුවියන මට දැන් රාස්සයන් බඳු විය.
මම එක් වරම හිස පහත් කලෙමි.
නැත. එය මායාවක් විය හැක.
මම වට පිට බැලීමි.
නැත. කිසිත් නැත. කවුරුන් හෝ නැත.
නිසැකවම එය අනවශ්‍ය තිගැස්මක් වන්නට ඇත. මම දිගු හුස්මක් ගතිමි.
නැවතත්, කුමක් හෝ නොදන්නා ආයාසයකින් මෙන් මගේ නෙත් මාර්ගයේ ඉහල දෙසට යොමු විය.
දැන් මට ඔබට යමක් කියන්නට අවැසිය. නමුත් වචන පිට නොවන සෙයක් මට දැනේ. උගුරෙහිම වචන සිර වී ඇත.
වර්ශාවේ මහා ශබ්දය පමණක් මට ඇසේ.
මම ඔබට යමක් කියන්නට උත්සහ කරමි.
එ අතරතුර මසිත මට යමක් කියනු ඇසේ.
"කිසිත් නොකියන්න... වැස්සට ඉඩදෙන්න..."
- මතු සම්බන්ඳයි -