Thursday, December 9, 2010

නොසංදාලයෙකුගේ ආගමනය


නොසංදාලයෙක්,
ඩෙනිම අඳින,
කවිකතා ලියන,
ඔහේ ඇවිදින,
කොන්ඩේ වවාගත්ත,
කාගේ කවුද දන්නේ නැති,
නොසංදාලයෙක්.

නොසංදාලයෙක්,
මනුස්ස ඟඳක් නැති තප්පරේට,
මොනිටරේට මූණ ඔබන,
නොසංදාල හිතිවිලි ලියන,
නොසංදාලයට පණ පොවන,
නොසංදාලයෙක්.

නොසංදාලයෙක්,
නොසංදාලකමට නොසංදාලකං නොකරන,
නොදන්න නොසංදාලකං අකුරුවලට පෙරළන,
අකුරුලියන උඹලත් එකක් පෑහෙන්න එන,
‍නොසන්දාලකමට නොසංදාලයෙක් වෙච්ච,
නොසංදාලයෙක්.

එන්න.  ඉඳගන්න.

1 යි:

ලස්සනට පද වැල් ටික එකතු කරලා තියනවා ......

Post a Comment

නොසංදාල කමට කිව්වයි කියලා හිතන් නෑ.

නොසංදාලයාගේ කියුං නොසංදාලයාගේ. ඕන නොසංදාලයෙක් ඕනම නොසංදාල වැඩක‍ට ගත්තට කමක්නෑ ගත්තු තැන කියලා. Powered by Blogger.